අලුතෙන් වාහනයක් ගන්න ඉන්න ඔයාටයි මේ සුභ ආරංචිය

 

අලුතෙන් වාහනයක් ගන්න ඉන්න ඔයාටයි මේ සුභ ආරංචිය....




මුදල් අමාත්‍යංශය විසින් වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ පැවසුවේ මෙන්න මෙවැන්නක්..

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා…

ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර, ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබෙනවා… ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන්..


Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි