කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද?

 

කතෝලික සභාව සතුව කොපමණ ධනයක් තිබේ ද? ඒවා ලැබෙන්නේ කොහෙන් ද? 



කතෝලික සභාවේ වත්කම්වල වටිනාකම ඇදහිල්ලේ අභිරහස්වලින් එකක් බව පවසන ආප්තෝපදේශයක් තිබේ. එය එම ආගමික සංස්ථාව විසින් සියවස් ගණනාවක් තිස්සේ ආරක්ෂා කරනු ලැබ ඇති රහසකි.

කතෝලික පල්ලිය ශාඛාවලට, එනම් රදගුරු වසම්වලට බෙදී ඇත. ඒ සෑම රදගුරු වසමක් ම තමන්ගේ ම ගිණුම් පවත්වාගෙන යයි.

ලොව පුරා බිලියන 1.4ක කතෝලිකයන් නියෝජනය කරන සභාව සතු සමස්ත ධනය සඳහා නිශ්චිත අගයක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයයකි. ඇතැම් විට එය කළ නොහැක්කකි.

නමුත්, මෙම ආගමික සංස්ථාවේ හදවත බඳු අධ්‍යාත්මික හා පරිපාලන අධිකාරිය වන ශුද්ධාසනයෙන් (Holy See), නොඑසේ නම් වතිකානයෙන් එම කාර්යය අරඹමු

ශුද්ධාසනය (The Holy See)

කතෝලික පල්ලියට ආවේණික රහස්‍යභාවය නිසා, ශුද්ධාසනය (Holy See) සතු ධනයේ ප්‍රමාණය පිළිබඳව වසර ගණනාවක් පුරා විවිධ මත පළ වී තිබේ.

නමුත්, අප්‍රේල් 21 වන දින ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධූර කාලය ආරම්භයේ සිට ම වෙනසක් සහ වැඩි මූල්‍ය විනිවිදභාවයක් ඇති කිරීම සඳහා වෙහෙස වී කටයුතු කළහ.

උදාහරණයක් ලෙස, 2021දී අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය (Administration of the Patrimony of the Apostolic See) විසින් පසුගිය වසර සඳහා මූල්‍ය ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරනු ලැබීම, දැන් වාර්ෂික පිළිවෙතක් ලෙස ක්‍රියාත්මක වේ.

1967 දී අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනය නිර්මාණය කිරීමෙන් පසු මෙම සංඛ්‍යා හෙළිදරව් වූ පළමු අවස්ථාව මෙය විය.

Graphic showing main sources of funding of the Catholic Church: donations, tourism, assets and investments (e.g. cultural artefacts, gold and silver), land and properties

අපෝස්තලික ආසනයේ වත්කම් පරිපාලනය කරනු ලබන ආයතනයේ නවතම වාර්තාවට අනුව, වතිකානය විසින් පවත්වාගෙන යනු ලබන පල්ලියේ ශාඛාව 2023දී ඇ. ඩොලර් මිලියන 52කට වඩා වැඩි මුළු ලාභයක් ඉපැයූ අතර පෙර වසරට සාපේක්ෂව ඇ. ඩොලර් මිලියන 8කට ආසන්න ප්‍රමාණයකින් වත්කම් ඉහළ නංවා ගත්තේ ය.

ශුද්ධ වත්කම් හෙළි කර නැති නමුත් රෝමයේ වෙළෙඳපළ, සංස්කෘතික හා ආචාර ධර්ම පර්යේෂණ මධ්‍යස්ථානයට (MCE) අනුව නවතම ඇස්තමේන්තුගත අගය ඇ. ඩොලර් බිලියන 1කට ආසන්න ය.

මෙම අගය වතිකාන බැංකුව ලෙස හැඳින්වෙන ආගමික කටයුතු ආයතනය (IOR) - Institute for the Works of Religion විසින් කළමනාකරණය කරනු ලබන සියලු ම වත්කම් සඳහා අදාළ වේ. - එබැවින් එහි වතිකානය සතු බොහෝ ගොඩනැගිලි සහ බොහෝ ඉඩම්වල වටිනාකම් අන්තර්ගත නොවේ. See more.....


Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි