ඔයත් ආදරණීය ජීවිතයක්,සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙනවා ද එහෙනම් හැම උදෑසනකම මෙහෙම කරන්න..
ඔයත් ආදරණීය ජීවිතයක්,සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙනවා ද එහෙනම් හැම උදෑසනකම මෙහෙම කරන්න..
ඔයාටත් සැබෑ ලස්සන ආදරයක් ලැබෙන්න නම්, ඔයා ඒ ආදරය වෙනුවෙන් ඔයාව වෙනස් කර ගන්න ඕනේ. අපි හිතමු ඔයාට ක්‍රශ් එකක් ඉන්නවා කියලා. ඔයාට මෙයාව ඕනේ. ඉතින් ඔයා එයා මත්තෙම ජීවත් වෙනවා ඔයාට එයාගෙන් තොර ලෝකයක් නැහැ . එහෙම වෙන්න එපා.
ඇත්තටම අපි තවත් මනුස්සයෙක් මත රැඳෙනකොට එහෙමත් නැත්නම් තවත් කෙනෙක්ට ඇබ්බැහි වෙනකොට අපට බොහෝ දුරට සිද්ධ වෙන්නේ හානියක් විතරයි.
ඉතින් ඔයාගේ ජීවිතයට ආදරය අවශ්‍යයි නම් පුලුවන්නම් මේ විදියට ජීවත් වෙන්න. මේ විදියට දවසේ පුංචි පුංචි දේවල් කරන්න ..
ඔයා උදෙන්ම අවදි වූ විගස ස්තූතිවන්ත වෙන්න ඔයාට ලැබෙන ආදරයට.
ඒ කිව්වේ මේ ප්‍රේමවන්තියක් ප්‍රේමවන්තයෙක්ගේ ආදරය විතරක්ම නෙමෙයි. ඔයාට මුළු ලෝකයෙන්ම ලැබෙන ආදරයට ස්තුතිවන්ත වෙන්න.
” මට සොබා දහමෙන් ලැබෙන ආදරේට ස්තුතියි…”
” මම ලෑස්ති ආදරණීය ආදරයක් ලබන්නට..”
” මේ ආදරයට ස්තූතියි…” මෙන්න මේ වගේ.
