ඉරිදා දිනයේ පැවැත්වෙන උපකාරක පන්ති වලට මොකක් වෙයිද ?
ඉරිදා දිනයේ පැවැත්වෙන උපකාරක පන්ති වලට මොකක් වෙයිද ?
සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හිමියෝ පැවසූවේ මෙරට දහම් පාසල්වල සිසු සිසුවියන් දහ අට ලක්ෂ දාසය දහස් පන්සිය විසිහය දෙනකු (1,816,526) ක් අධ්‍යාපනය ලැබූවද, ඉරිදා පෙරවරුවේ පැවැත්වෙන පෞද්ගලික පන්ති හේතුවෙන් සෑම වසරකම සිසු සිසුවියන් සියයට 10 ත් 20 ත් අතර සංඛ්‍යාවක් දහම් පාසල් පැමිණීමෙන් වළකින බවයි.
ඉරිදා පෙරවරුවේ පැවැත්වෙන පුද්ගලික පන්ති හේතුවෙන් දහම් පාසල්වලට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් දළ වශයෙන් සිසුන් එක් ලක්ෂ අසූ දහසක් පමණ වාර්ෂිකව දහම් පාසල්වලට පැමිණීමෙන් වළකින බව අනාවරණය වේ.
එමෙන්ම උන්වහන්සේ කියා සිටියේ පෞද්ගලික පන්ති හේතුවෙන් වසරින් වසර දහම් පාසල් පැමිණෙන සිසුන්ගේ අඩුවීම ඉහළ ගොස් ඇති බවය.
එමෙන්ම ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල 328 ක් යටතේ ක්‍රියාත්මක වන ,දිවයිනේ දිස්ත්‍රික්ක 22 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 274 ක දහම් පාසල් දසදහස් හයසිය හතළිස් හයක් (10,646) ක් පවතින බවත් උන්වහන්සේ පැවසූහ. see more......
