A/L වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගනී – එම විෂයන් 28 මෙන්න

 

A/L වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගනී – එම විෂයන් 28 මෙන්න




උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ, අනුව මෙම විෂය ධාරාව හැදෑරීමට අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බවයි වාර්තා වන්නේ.

වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් 28 ක් අතරින් එකක් තෝරාගෙන ජාතික වෘත්තීය සුදුසුකම හෙවත් NVQ 04 වන මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා

එලෙස Child psycology and Care, Event Management, Interior Designing, Graphic Designing, Automobile ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විෂයයන් 28 ක් මෙම විෂය ධාරාව යටතේ ඉගැන්වීමට නියමිතයි.

මෙම වෘත්තීය විෂය ධාරාව දිවයින පුරා පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවත් එම පාසල් ලැයිස්තුව මෙතැනින් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශ්‍යය වැඩිදුරටත් පවසනවා.

අදාළ නිවේදනය පහතින්.



Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි