ටී 56 පැටිකිරිය ටීටීඩීය දුමින්දගෙන් ප්‍රශ්න කරයි

 

ටී 56 පැටිකිරිය ටීටීඩීය දුමින්දගෙන් ප්‍රශ්න කරයි.



ටී 56 ගිනිඅවියේ චායාරූප නැරඹීමට පහත link එක ඔබන්න. 👇
T56.image.com

දිගු කලක් තිබුණේ බම්බලපිටිය ඇමැති නිල නිවසේ

බලපෙරළියෙන් පසු කෝකියා මාර්ගයෙන් හැව්ලොක්සිටි යවලා. 

කොළඹ හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් රන් ආලේපිත ටී 56 ගිනිඅවිය තමන්ට ලැබුණේ කෙසේ ද සහ එය කුමන අරමුණකින් සඟවාගෙන සිටියේ ද යන්න පිළිබඳව හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම ටී 56 අවිය දීර්ඝ කාලයක් තිස්සේ සඟවා තබාගෙන සිට ඇත්තේ දුමින්ද දිසානායක මහතාට අයත්ව තිබූ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇමැති නිල නිවාසයකය.

ආණ්ඩු පෙරළියෙන් පසු හිටපු ඇමැතිවරයා සිය නිල නිවසින් ඉවත්ව යද්දී මෙම ටී 56 අවිය තම අරක්කැමියා මාර්ගයෙන් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවගේ නිවසට යවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

අරක්කැමියා මෙම ටී 56 අවිය ගමන් බෑගයක දමාගෙන එය කරේ එල්ලාගෙන බම්බලපිටියේ ඇමැති නිල නිවසේ සිට පාගමනින් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය වෙත පැමිණ එය කාන්තාවට භාර දී ඇත.

හැව්ලොක් සිටි නිවසේ තිබී අත්අඩංගුවට ගත් ටී 56 අවිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතාට අයත් එකක් බව අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරිණි.

හිටපු ඇමැතිවරයාගේ කෝකියා ද ඒ වනවිට අත්අඩංගුවට ගෙන සිටි අතර ඔහු මෙම අවිය පිළිබඳ සියලු තොරතුරු හෙළි කර තිබිණි.

ඇමැති නිවස අස්කර එහි තිබූ බඩු පටවද්දී මෙම අවිය සහිත බෑගය හැව්ලොක් සිටි නිවසේ කාන්තාවට ලබාදෙන ලෙස හිටපු ඇමැතිවරයා තමන්ට උපදෙස් දුන් බව ද කෝකියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ඊයේ උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ ද හිටපු ඇමැතිවරයා එහි සිට නැත. පසුව තිඹිරිගස්යායේ සුපිරි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සිටි හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි. See more.....

Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි