බස්නාහිර පළාත් වාහන හිමියන්ට දැනුම්දීමක්

 

බස්නාහිර පළාත් වාහන හිමියන්ට දැනුම්දීමක්



පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය සදහන් කළේ, ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියේ නියුතු නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා සහභාගි වීම නිසා එසේ ආදායම් බලපත්‍ර කවුළු වසා තබන බවයි.

දඩ අයකිරීමෙන් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කරන අවසන් දිනය මැයි 5 සහ 6 දෙදින වන වාහනවලට මැතිවරණයෙන් පසුව රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම දඩ අයකිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බව එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.



Popular posts from this blog

GCE AL Results Release 2024 (2025).

GCE AL Results Release Date 2024 (2025) – www.doenets.lk

විභාග ක්‍රමය ඉවතට..ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදයත් වෙනස් වෙයි